Sri Lanka
රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට අයිතියක් නැහැ - ඉරාන ජනාධිපති
83 | 2025-09-21 11:42 PM
සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසා තිබේ. අසල්වැසි රාජ්‍යන්ගේ භූමි ප්‍රදේශ ද ඇතුළත් වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි පැවසෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ 'ග්‍රේට(ර්) ඊශ්‍රායල් ' හෙවත් ‍ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම් සැලසුම හෙළා දකිමින් ඔහු මේ බව පවසා ඇත. ඒ චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය. එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය ද එහිදී ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. අමෙරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීම ද ඉරාන ජනපතිවරයාගේ විවේචනයට ලක්වූ අතර ඊශ්‍රායලයේ මෙම නීතිවිරෝධි, අසාධාරණ සහ අමානුෂික ක්‍රියා සම්බන්ධව සෙසු රටවල් නිහඬව සිටිය යුතු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ