Sri Lanka
පාකිස්තාන අගමැතිගේ කර්මාන්ත සහ නිෂ්පාදන සහකාරවරයා දිවයිනට
20 | 2026-01-28 09:14 AM
පාකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳ , වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇති බව සඳහන්ය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද දිවයිනට පැමිණ ඇත. " වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ඊයේ පස්වරුවේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ