Sri Lanka
චන්ද්‍ර කුණාටුව නිසා එක්සත් රාජධානියට දැඩි බලපෑම්
25 | 2026-01-28 09:16 AM
'Storm Chandra' නමින් හැඳින්වෙන කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ විශාල ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම් තත්ත්ව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් එක්සත් රාජධානියේ මාර්ග රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, දුම්රිය, නාවික හා ගුවන් සේවා ගණනාවක් අවලංගු කර තිබේ. එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා ඇති බවද සඳහන්ය. කුණාටුවෙන් පැය 80mph (කිලෝමීටර් 130කට ආසන්න) දක්වා සුළං වේග වාර්තා වීමත් සමඟ දේපළ දහස් ගණනක් විදුලි සැපපයුමටද බාධා එල්ලවී ඇත. එංගලන්තයේ, ස්කොට්ලන්තය සහ වේල්සය යන ප්‍රදේශවල සුළං, වර්ෂාව හා හිම සඳහා අවදානම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෙල්ෆාස්ට් ඇතුළු උතුරු සහ නැගෙනහිර උතුරු අයර්ලන්තයේ සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ