Sri Lanka
ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති මරුට
16 | 2026-01-28 02:14 PM
ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගුවන් යානය මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ආසන්නයේ ගොඩබැසීමේදී මෙම අනතුර සිදුව ඇත. නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද (28) බරමතිහි පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා උදෑසන මුම්බායි නුවරින් පිටත්ව තිබූ බව වාර්තා වෙයි. ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ආරක්ෂක සහ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට යොමු කර ඇති බව සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ