Sri Lanka
යාපනය මහ නගර සභාවට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
18 | 2026-01-28 02:26 PM
යාපනය ප්‍රදේශයේ සිදුවන වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් යාපනය මහ නගර සභාවට නියෝග කර තිබේ. වාර්තාකරු සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ සිදුවන වායු දූෂණය අවම කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකි නඩරාජා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ බවය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය. මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යාපනය ප්‍රදේශයේ සිදුවන විවෘත කසල දහනය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි ලෙස වායු දූෂණය සිදු වන බව සඳහන් කර ඇත. ඊට අමතරව දකුණු ඉන්දියාව වෙතින් සුළග මාර්ගයෙන් ඇදී එන අපද්‍රව්‍ය හේතුවෙන් ද ප්‍රදේශයේ විශාල වායු දූෂණයක් සිදූවූ බව ඔහු පෙන්වා දී තිබේ. මෙහිදී යාපනය ප්‍රදේශයේ සිදුවන වායු දූෂණයේ ස්වභාවය දැක්වෙන වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥවරයා මෙම වායූ දූෂණය හේතුවෙන් රෝගී තත්ත්වයන් උත්සන්න වීමට හේතු වී ඇති බවඳ සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල යාපනය ප්‍රදේශයේ වායු දුෂණය අවම කිරීම සඳහා ගෙන තිබෙන පියවර පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යාපනය මහ නගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ. මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා යාපනය මහ නගර සභාවට මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව ක්‍රියා කළ නොහැකි ඇයි දැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය. මෙවැනි ගැටළු රාජ්‍ය ආයතන එක්ව සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා මෙවැනි කරුණු නඩු මාර්ගයෙන් අධිකරණයට රැගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ