Sri Lanka
දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රු. මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්
17 | 2026-01-28 02:36 PM
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළේය. ඒ අනුව, අදාළ විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 24ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබීය. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණි. මෙම නඩුව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සිය සේවා දායකයා මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳව නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා විසින් අධිකරණයට දැනුම් දී තිබුණි. ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදීත් තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව විනිසුරුවරයා විසින් ඔහුට මෙම දඩුවම් නියම කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ