Sri Lanka
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය
23 | 2026-01-28 04:52 PM
ඉදිරි පැය 24 සඳහා දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. එමෙන්ම සුළං ඊසාන දිශාවෙන් හමා එන බවත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව සඳහන් වේ. කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැක. මුහුදේ ස්වභාවය කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවන බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් විය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ