Sri Lanka
ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට
27 | 2026-01-28 04:54 PM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ. එංගලන්තය හමුවේ කොළඹදී ඊයේ (27) අවසන් වූ තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස 5වන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා පසුබැස ඇත. කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම තවමත් 8වන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ට ඉදිරියෙන් (7 වන ස්ථානය) ඇෆ්ගනිස්තානය පසුවීම සුවිශේෂීය. එංගලන්තය ඊයේ ලැබූ තරගාවලි ජය සැලකෙන්නේ එය ඔවුන් 2023 වසරෙන් පසු තම රටින් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙසය. මෙම ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ ඉන්දීය කණ්ඩායම පසුවේ. එහි දෙවන ස්ථානයේ නවසීලන්තයත්, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවත් රැඳී සිටින අතර, පාකිස්තාන කණ්ඩායමට 4වන ස්ථානය හිමිව ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ