Sri Lanka
නාමල් හා කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන ඇමති අතර හමුවක්
30 | 2026-01-29 11:13 AM
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු ලෙස පිළිගැනෙන කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (28) බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුව ඇත. සිද්ධරාමයියා මහතා කර්ණාටක ප්‍රාන්තයේ සංවර්ධනය සහ දියුණුව උදෙසා බොහෝ වැඩ සිදුකළ අයෙකු ලෙස ප්‍රචලිතය. කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහාවන සමාජ සුබසාධන යෝජනා ක්‍රම රැසක් ඔහු යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව ඔවුන් දෙපළ තොරතුරු තාක්ෂණය සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ. කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳ මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ