Sri Lanka
කොලොම්බියාවේ ගුවන් යානයක් කඩා වැටෙයි - 15ක් මරුට
30 | 2026-01-29 11:17 AM
කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රාජ්‍ය ගුවන් සේවය තහවුරු කර තිබේ. අදාළ ගුවන් සේවය විසින් නිකුත් කළ මගී ලැයිස්තුවට අනුව, එම ගුවන් යානයේ, එරට දේශපාලනඥයෙකු වන ඩයෝජන්ස් ක්වින්ටෙරෝ සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකෙු සිට ඇති බව අනාවරණය වී ඇත. මාර්තු මාසයේ පැවත්වීමට නියමිත එරට මැතිවරණයේදී ඔහු තරග කිරීමට සූදානම්ව සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. HK4709 ලෙස ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, දේශීය වේලාවෙන් පෙ.ව. 11:42 ට කුකුටා ගුවන් තොටුපළෙන් මිනිත්තු 40 ක කෙටි ගුවන් ගමනක් සඳහා පිටත් වී තිබූ බව සඳහන් වේ. කුකුටා සිට ඔකානා බලා ගුවන් ගත වූ සැණින් ගුවන් ගමනාගමන පාලනය සමඟ මෙම යානයේ තිබූ සම්බන්ධතා බිඳ වැටි ඇති බව වාර්තා වේ. ගලවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයට ඉතා ඉක්මනින් ගොස් තිබූ නමුත් දිවි ගලවා ගත් අය නොසිටි බව තහවුරු කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ