Sri Lanka
නාමල්ගේ පැමිණිල්ල ජූලි 30 කැඳවයි
27 | 2026-01-29 11:27 AM
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය. ඒ අනුව පැමිණිල්ල යළි ජූලි මස 30 කැඳවීමට නියම කළ මෙහෙස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කළේය. සමාගමක් පවත්වාගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අයතා ලෙස උපයාගත් මුදල් විශුධිකරණයට ලක්කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය පැවැත් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ