Sri Lanka
පාසල් සංවර්ධන නිලධාරින් සිව්වන දිනටත් මාරාන්තික උපවාසයේ
24 | 2026-01-29 02:24 PM
තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට බලකරමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ. අද උදෑසන උපවාසයේ නිරතව සිටි තවත් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබුණි. කොවිඩ් වසංගත සමයේ සහ ගුරුවරුන් හිඟ අවස්ථාවලදී වසර 7ක සිට පාසල් වල ඉගැන්වීම් කටයුතු කළ තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනවාරි 26 වනදා සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. පසුව ඔවුන් එදිනම පස්වරුවේ එය මාරාන්තික උපවාසයක් දක්වා තීව්‍ර කළේ බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනි. එලෙස ආරම්භ කළ සත්‍යග්‍රහයට සහ මාරාන්තික උපවාසයට අදට දින 04කි. එම මාරාන්තික උපවාසයේ යෙදී සිටි සිව්දෙනෙකු අතරින් එක් කාන්තාවක් රෝගී වීම හේතුවෙන් මීට පෙර රෝහල් ගත කෙරුණි. සෙසු දෙදෙනා තවදුරටත් මාරාන්තික උපවාසයේ නිරත සිටියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ