Sri Lanka
කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවකට
28 | 2026-01-29 03:41 PM
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර අද (29) ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරුණි. ඒ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරිය එම තනතුරේ දිවුරුම්දීමත් සමගිනි. වසර 1, 400කට පසු කැන්ටබරියේ අගරදගුරු ධුරයට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව ඇයයි. බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදුකරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකේ. එමෙන්ම ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයාය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ