Sri Lanka
මිලදීගත් වෑන් රථය රැගෙන යද්දී සිදුවූ අකරතැබ්බය
17 | 2026-01-30 08:14 AM
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන පොලිස් බල ප්‍රදේශයට අයත් සෙන් ක්ලෙයාර් වතුයාය ආසන්නයේදී ඊයේ(29) සිදුවූ රිය අනතුරකින් එක් දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. සෙන් ක්ලෙයාර් ප්‍රදේශයේ සිට හැටන් දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථය මහනුවර ප්‍රදේශයේ සිට අලුතින්ම මිලදීගෙන රැගෙන එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවය. අනතුර සිදුවන අවස්ථාවේදී රථය පියා විසින් පදවා ඇති අතර, ඔහුගේ දරුවන් තිදෙනාද ඒ වනවිට රථය තුළ සිට ඇත. කෙසේ නමුත් අනතුරින්එක් දරුවෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම දරුවා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. සෙසු පිරිසට බරපතළ තුවාල සිදුව නොමැති බව වාර්තා පොලීසිය පැවසීය. රථය ධාවනය වෙමින් තිබියදී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ