Sri Lanka
කෝටි 22ක කොකේන් සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට
12 | 2026-01-30 08:22 AM
ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලතේ ප්‍රදේශයේදී කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) උදෑසන මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින්ය. අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 3450 කට ආසන්න ප්‍රමාණයක් සැකකාරිය සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුව ගත් සැකකාරිය බොල්ලතේ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ