Sri Lanka
අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා
17 | 2026-01-30 08:36 AM
අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට වැඩබලන අමෙරිකානු තානාපතිනී ජේන් හොවෙල් මහත්මිය අතර එම සාකච්ඡාව බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු බව එම අමාත්‍යංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බව එහිදි වැඩබලන අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ. මෙහිදි මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇති බව සඳහන්ය. විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ