Sri Lanka
ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය
18 | 2026-01-30 08:37 AM
ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිය කොළඹදී පවත්වා තිබේ. දෙරට අතර පවතින දිගු කාලීන ආර්ථීක හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර සැසියේදී එකඟතාවන්ට එළඹුනු බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී ඇති අතර පාකිස්තාන දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාද පිළිබඳ විශේෂ සහකාර හාරූන් අක්තාර් මහතා විසින් මෙහෙයවා තිබේ. මෙම සැසියේදී දෙපාර්ශවය විසින් වෙළෙඳාම සහ ආයෝජන, කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ පශූ සම්පත්, බැංකු සහ මූල්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව සමාලෝචනයට ලක් කළ බව අමාත්‍යංශය සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ