Sri Lanka
නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන පොලීසියෙන් නිවේදනයක්
29 | 2026-01-30 08:38 AM
78වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබේ. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව එම උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් අද (30) සිට පෙබරවාරි 2වනදා දක්වා පැවැත්වේ. එම දින හා නිදහස් දින උත්සවය සැලකිල්ලට ගෙන කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද(30), හෙට (31) සහ පෙබරවාරි 2වනදා පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වාත් පූර්ව පෙරහුරුව පැවැත්වේ. එමෙන්ම පෙබරවාරි 1වනදා පෙ.ව. 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4වනදා පෙ.ව. 5 සිට නිදහස් දින උත්සවය අවසන් වනතුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව මෙම නිවේදනයේ සඳහන්. අදාළ නිවේදනය පහතින්,












ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ