Sri Lanka
හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය
17 | 2026-01-30 08:40 AM
ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ අවධියේ සිදුකරන ලද ක්‍රියාවකින් රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ලබන 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම නඩුවට අදාළ චෝදනා සංශෝධනය කිරීම සඳහා අල්ලස් කොමිසම මීට පෙර අවසර ඉල්ලා තිබුණි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුව කරුණු දක්වමින් මෙම නඩුව සඳහා තම කණිෂ්ඨ නීතිඥවරයා පෙනී සිටි අවස්ථාවක අල්ලස් කොමිසම මෙම චෝදනා සංශෝධනය කිරීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවත් එය සාමාන්‍ය සම්ප්‍රදාය නොවන බවත් පවසා තිබේ. කෙසේ වෙතත් විනිසුරුවරයා නියම කළේ අදාළ චෝදනා සංශෝධනය කිරීමට අවසර දෙන්නේ ද ? යන කාරණය පිළිබඳව නියෝගය ලබන 10 වනදා ප්‍රකාශ කරන බවය. 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ