Sri Lanka
ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටුවෙයි
16 | 2026-01-30 08:48 AM
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 16වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු මරණයට පත්වූ අතර, කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකුටද තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබීය. මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගිය බවය. ඒ අනුව මෙම වෙඩිතැබීමට සම්බන්ධ අදාළ සැකකරු විමර්ශන නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අවුරුදු 63ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (30) අළුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වෙරළබඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ