Sri Lanka
තැන තැන සිදු වූ රිය අනතුරු - පස්දෙනෙකුට දිවි අහිමි වෙයි
19 | 2026-01-30 08:50 AM
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (29) මෙම අනතුරු සිදුව තිබුණේ පලෙයි, වාරියපොළ, පාදුක්ක, බුලත්සිංහල සහ එගොඩඋයන පොලිස් වසම්වලදීය. පලෙයි නගරය ආසන්නයේදී ටිපර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, සෝරම්පත්තු, පලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවකි. මේ අතර පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයේදී පාදෙනිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පදික පුද්ගලයා තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළි ගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, තුන්නාන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකි. හොරණ - බුලත්සිංහල මාර්ගයේ දියපරැල්ල හන්දිය අසලදී යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, සෞම්‍යගම, මහගම ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි. මේ අතර එගොඩඋයන පොලිස් වසමේ මෝදර වටරවුම ආසන්නයේදී ත්‍රීරෝද රථයක් දකුණු පසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි යතුරුපැදියක් ත්‍රීරෝද රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ