Sri Lanka
ඉරානයේ IRGC බළකාය ත්‍රස්ත ලැයිස්තුවට
27 | 2026-01-30 08:52 AM
ඉරානයේ විරෝධතාකරුවන්ට එල්ල වූ මාරාන්තික මර්දනයට ප්‍රතිචාර වශයෙන් එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් 'පස්ඩරන්' යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. 1979 විප්ලවයෙන් පසු බිහිවූ ඉස්ලාමීය ජනරජයේ දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද්දක්වන IRGC, ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රාථමික ශාඛාවක් ලෙසින් සැලකෙයි. එය ඉරාන නිත්‍ය හමුදාවෙන් ස්වාධීනව ක්‍රියාත්මක බළකායකි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඉරාන පාලන තන්ත්‍රයේ හරය, අන්තර් සම්බන්ධිත බල ව්‍යුහය නියෝජනය කරන එම බළකාය, අයතුල්ලාට සෘජුවම පිළිතුරු දෙන ප්‍රභූ මිලිටරි, ආර්ථික සහ දේශපාලන ආයතනයක් ලෙස ක්‍රියාත්මකය. ඔහුගේ ප්‍රාථමික බලාත්මක කරන්නා සහ දෘෂ්ටිවාදාත්මක භාරකරු ලෙසින්ද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ක්‍රියා කරයි. ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි මාසවල සති ගණනාවක් පුරා පැවති ඉරාන නොසන්සුන්තාවන් අතරතුර, IRGC ඇතුළු ආරක්ෂක හමුදා විසින් විරෝධතාකරුවන් දහස් ගණනක් මරා දැමූ බව මානව හිමිකම් කණ්ඩායම් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ