Sri Lanka
අමෙරිකානු භාණ්ඩාගාරයට සහ IRS ආයතනයට එරෙහිව ට්‍රම්ප් නඩු මඟට
29 | 2026-01-30 12:19 PM
සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ තම බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත හෙළි වූ බව චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාවට (IRS) සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව නඩුවක් ගොනු කර ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික වන්දි ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නඩුව ඊයේ (29) ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයකදී ගොනු කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම නඩුව ගොනු කර ඇත්තේ තම පුත්‍රයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප් සමඟ එක්ව වන අතර, ජනාධිපති ලෙස නොව පුද්ගලික මට්ටමින් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන් වේ. මෙම තොරතුරු IRS හි හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වන චාල්ස් ලිට්ල්ජෝන් විසින් නීතිවිරෝධී ලෙස ලබාගෙන මාධ්‍ය වෙත හෙළි කර ඇති බවට ට්‍රම්ප් චෝදනා කර ඇත. මෙම සිදුවීම හේතුවෙන් ලිට්ල්ජෝන් සේවය කළ පෞද්ගලික සමාගම සමඟ පැවති ඩොලර් මිලියන 21ක ගිවිසුම් අවලංගු කිරීමට ද අමෙරිකානු රජය මීට පෙර පියවර ගෙන තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ