Sri Lanka
ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
13 | 2026-01-30 12:24 PM
ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ඔවුන් සතුව තිබූ මත්කරල් 2,000ක්ද පොලිස් භාරයට ගැනීමටද නිලධාරීන් කටයුතු කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයින් යොදවා සිදුකළ මෙම වැටලීමේදී ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී මෙම මත්කරල් තොගය සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්පෙති සඟවා තිබූ බවත් එහි තිබී මත්කරල් අඩංගු පාර්සල් 20ක් සොයා ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 සහ 24 යන වයස්වල පසුවන කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් කලක සිට පාසල් දරුවන් සහ ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවත් පොලීසියට අනාවරණය වී තිබේ. සැකකරුවන් විසින් මත්කරල් 10ක් අඩංගු කාඩ්පත් 10ක් සහිත පාර්සලයක් රුපියල් 10,000ක මුදලකට අලෙවි කර ඇති බවත් නිලධාරීන් භාරයට ගත් මත්කරල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ද අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද වන බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ