Sri Lanka
වතු සේවක දෛනික වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ
16 | 2026-01-30 12:26 PM
වතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද (30) පෙරවරුවේ දී වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් කළේය. අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 2026 අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක් ලෙස ගෙවෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ නැංවීමට තීරණය කරන ලදී. මෙම වැඩිවීමෙන් රුපියල් 200ක් වැවිලි සමාගම් මඟින් සහ ඉතිරි රුපියල් 200 රජය මඟින් ලබා දෙන බවට එකඟතාවක් ඇති අතර, ඒ අනුව දෛනික වැටුප රු.1,750 දක්වා ඉහළ යනු ඇත. වැටුප් වැඩිවීම 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සේවක පැමිණීම් වාර්තා පෙබරවාරි 3 වන දිනට ලැබුණු පසු, රජය මඟින් ප්‍රාදේශීය සමාගම් වෙත දායක මුදල් මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එමෙන්ම වැවිලි සමාගම් සේවක බැංකු ගිණුම් තොරතුරු ලබා දී ඇති අතර, ඒ අනුව රු. 200ක දීමනාව බැංකුගත කිරීමේ කටයුතු ද සූදානම් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ