Sri Lanka
දිට්වා නිසා කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ලබාදීම කඩිනම් කරන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්
15 | 2026-01-30 12:27 PM
‘දිට්වා’ සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට හා පරිසරයට සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානයට ලක්ව තිබේ. ඒ මෙම කාරක සභාව පසුගිය 22 වනදා රැස්වූ අවස්ථාවේදීය. එම රැස්වීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, පරිසර, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නියෝජිත නිලධාරීන් සහභාගී වූහ. සභාවේදී නිලධාරීන් විසින් සිදු වූ හානිය සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තා සකස් කර ඇති බව සහ අදාළ දෙපාර්තමේන්තු සහ සංස්ථා එම දත්ත කාරක සභාවට ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුනි. කාරක සභාව විසින් වන්දි ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම, වන්දි ලබාදීම කඩිනම් කිරීම, සහ අදාළ අමාත්‍යාංශ විසින් සකස් කරන ලද වාර්තා කාරක සභාවට ඉදිරිපත් කිරීම නිර්දේශ කරනු ලැබීය. රැස්වීමට සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (නීතිඥ) අජිත් පී. පෙරේරා, රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ උපුල් කිත්සිරි සහභාගී වූහ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ