Sri Lanka
පාසල් සංවර්ධන නිලධාරින් පස්වන දිනටත් මාරාන්තික උපවාසයේ - තවත් අයෙක් රෝහල්ගත කෙරේ
14 | 2026-01-30 12:29 PM
ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර තිබේ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බව සිව්දෙස වාර්තාකරු පැවසීය. වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 26 වැනිදාය. ඊට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් එදින පස්වරුවේ එය මාරාන්තික උපවාසයක් දක්වා තීව්‍ර කළේය. එම මාරාන්තික උපවාසය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මකය. උපවාසයේ නිරතව සිටි සිව්දෙනෙකු අතරින් කාන්තාවක් සහ තවත් උපවාසකරුවෙකු සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා රෝහල්ගත කෙරුණි. සෙසු දෙදෙනා තවදුරටත් අඛණ්ඩව මාරාන්තික උපවාසයේ නිරතව සිටි අතර ඉන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් අද පෙරවරුවේ ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව සිව්දෙස වාර්තාකරු පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ