Sri Lanka
සයිබර් අපරාධ තුරන් කිරීමට අඛණ්ඩව සහාය දෙන බවට චීනයෙන් සහතිකයක්
27 | 2026-01-30 12:41 PM
සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරන බව චීනය පවසයි. අන්තර්ජාතික සයිබර් අපරාධ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඒ බව ප්‍රකාශ කළේය. මියන්මාරය ඇතුළු රටවල් සමග සක්‍රියව සහයෝගිතා පවත්වමින් සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා චීනය මෑතකාලීනව විවිධ පියවරයන් ගෙන ඇත. එලෙසින් සයිබර් සූදුව හා වංචා කිරීම යන අපරාධ පොදුවේ තුරන් කිරීමෙන් ජනතාවගේ දේපොළ හා ජිවිතවල සුරක්ෂිතභාවය මෙන්ම කලාපීය රටවල් අතර පවතින නිසි හුවමාරු පටිපාටිය සුරක්ෂිත කිරීමේදී කැපීපෙනෙන ප්‍රතිඵල ලබා ගැනීමට චීනය මේ වනවිට සමත්ව ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි. අදාළ ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට පියවර ගන්නා චීනය, සයිබර් සූදුව හා වංචා යන අන්තර්ජාතික අපරාධ වළකාලමින් එහි මූලාශ්‍ර ඉවත් කිරීමට උපරිම උත්සාහය ගන්නා බවද Guo Jiakun මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ