Sri Lanka
වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 50,000 ක් මිලට ගනී
56 | 2025-09-22 01:37 AM
වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 50,000 කට ආසන්න ප්‍රමාණයක් අද (21) වන විට ගොවීන්ගෙන් මිලදීගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 6,000 කට වැඩි ප්‍රමාණයක් වෙන් කළ බවයි වී අලෙවි මණ්ඩලය සදහන් කළේ. තවදුරටත් අවශ්‍ය වුවහොත් වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවයි එහි ප්‍රකාශකයෙකු සිව්දෙස ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. නාඩු රුපියල් 120 කටත්, සම්බා රුපියල් 125 කටත් සහ කීරී සම්බා රුපියල් 132 කටත් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලැබුවා.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ