Sri Lanka
ජාතික බොක්සිං ශූරතාවලියේදී ක්‍රීඩකයෙකුට අසාධාරණයක්
15 | 2026-01-30 12:45 PM
ජාතික බොක්සිං ශූරතාවලියේ තරග පාවාදීම් සහ දූෂණ චෝදනාවන් සිදුවන බවට චෝදනාකරමින් ඊයේ (29) රාත්‍රියේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ එහි නායකත්වය වටා ගොඩනැගී ඇති මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන්ට හිතවත් පිරිසකට වාසි වන ලෙස තරග ප්‍රතිඵල වෙනස් කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පවසමින්ය. චෝදනා එල්ලකරන පාර්ශව පෙන්වා දෙන්නේ, ඊයේ දිනයේ අවසන් තරගය ලෙස පැවති තරගයේ දී මෙම ආන්දෝලනාත්මක සිදුවීම සිදුව ඇති බවය. එම තරගයේ පළමු සීනුවේ සිට තෙවන වටයේ අවසානය දක්වාම ඉදිරියෙන් සිටි ක්‍රීඩකයාගේ තාක්ෂණික දක්ෂතාව සහ පහරවල් එල්ලකිරීම් හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට වඩා ඔහු විශාල පරතරයකින් ඉදිරියෙන් සිට ඇත. කෙසේ වෙතත් ප්‍රතිවාදී ක්‍රීඩකයා අවස්ථා කිහිපයකදී නීති විරෝධී පහරදීම් සිදු කළද, විනිසුරුවරයා එය නොසලකා හැර ඇති බව සඳහන්. එමෙන්ම ඔහු දැඩි ප්‍රහාරයන්ට ලක්වන අවස්ථාවලදී කාලය ලබා ගැනීම සඳහා පස් වතාවකට වඩා තම මුඛ ආරක්ෂක ආවරණය බිම දැමීම පවා සිදුකර තිබේ. ජාත්‍යන්තර බොක්සිං නීති යටතේ මෙය ලකුණු අඩු කිරීමට හෝ තරගයෙන් ඉවත් කිරීමට (Disqualification) තරම් වරදක් වුවද, කිසිදු දඬුවමක් පනවා නොමැති බව සඳහන්. එහිදී විනිසුරුවන් විසින් 4-1ක බෙදුණු තීරණයක් ලබාදී හේතුවෙන් එම තරගය පුරා ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා වෙනුවට අනෙක් ක්‍රීඩකයා තරගය ජයග්‍රහණය කළ බව නිවේදනය කිරීමත් සමග ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ