Sri Lanka
අවශ්‍ය ප්‍රමාණයට වඩා පොලිස් නිලධාරින් 32,000ක අඩුවක්
17 | 2026-01-30 02:39 PM
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත බවය. එමෙන්ම තවත් නිලධාරීන් 2700ක් පිරිසක් ලබන වසරේ දී විශ්‍රාම යෑමට නියමිත බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේ දී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පතිවරයා පැවසීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ