Sri Lanka
විදෙස් රටක සිට මෙහෙයවන රැකියා ජාවාරමක් ගැන තොරතුරු
15 | 2026-01-30 05:04 PM
මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ. සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ වීඩියෝ පළකරමින් මෙම ජාවාරම සිදු කරගෙන යනු ලබන අතර, ඔහුට මුදල් ලබාදී මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් මේ වනවිට කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතී. ඒ අනුව ඔහුට එරෙහිව මේ වනවිට කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර, තවදුරටත් මෙම වංචාවට හසුවූ පුද්ගලයින් වෙතොත් හැකි ඉක්මණින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවාගැනීම, ප්‍රචාරය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම, ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, බලපත්‍රයකින් තොරව එවැනි කටයුතු කිරිම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරයි. මෙවැනි මිනිස් වෙළඳාම්කරුවන් මැඩලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ඒකකයක්ද කාර්යාංශයේ ස්ථාපිත කොට ඇති අතර, එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබේ. විදේශ රටවල රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හෝ නව සමාජ මාධ්‍ය පිටු භාවිත කරමින් විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ප්‍රවණතාවයක් මේ වනවිට ඇතිවී තිබෙන බවත් කාර්යාංශය නිරීක්ෂණය කරයි. එබැවින්, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලත් විදේශ රැකියා නියෝජිතායතනවලට හැර වෙනත් අතරමැදියන්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ