Sri Lanka
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා සිට යළි ඇරඹෙයි
18 | 2026-01-30 05:09 PM
ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා (01) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. කෙසේ නමුත් මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලදාරීන් ගෙයින් ගෙට යාමේ ක්‍රියාවලිය සිදු නොකරන බවද වාර්තා වේ. ඒ අනුව තමාගේ ගෘහට අදාළ වලංගු ඡන්ද හිමි නාමලේඛනයේ සිදුවිය යුතු සංශෝධිතයන් 2026 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය යුතු නම් සම්බන්ධව ගණන් ගන්නා නිලධාරීන් වෙත අදාළ තොරතුරු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ක්‍රියාවලිය මාස දෙකක කාලයක් ක්‍රියාත්මක වන අතර පසුව අදාළ තොරතුරු ඇතුලත් ලැයිතු ප්‍රදර්ශනය, හිමිකම් හා විරෝධතා භාර ගැනීම පිළිබඳව දැන්වීම එළැඹෙන මැයි මස 05 වැනි දින ප්‍රසිද්ධ කිරීම සඳහා සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඒ අනුව එම දැන්වීම පළකර දින 28ක් තුළ හිමිකම් හා විරෝධතා ඉදිරිපත් ඛල යුතු අතර 2026 ප්‍රතිශෝධන අවස්ථාවේදී සුදුසුකම් සපුරා ඇති එහෙත් ER ආකෘතියට නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූ තැනැත්තන්ට මෙම කාලය තුළ හිමිකම් අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කර ඇති මැතිවරණ කොමිසම පැවසුවේ 2026 නාමලේඛනය සඳහා නුසුදුසු පුද්ගලයෙකුගේ නමක් නිර්දේශ වී ඇත්නම් විරෝධතාවක් ඉදිරිපත් කිරීමට මෙම කාල සීමාවේදී අවස්ථාව ලැබෙන බවය. ඒ සඳහා වූ මුද්‍රිත ආකෘති කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගත හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ