Sri Lanka
විගණකාධිපති ධුරයට තවත් නමත් ජනපති යෝජනා කරයි
17 | 2026-01-30 05:12 PM
දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය. මේ අතර නව ව්‍යවස්ථාදායක සභාවේ දෙවන රැස්වීම හෙට දිනයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ