Sri Lanka
සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති රැස්වෙයි
13 | 2026-01-30 05:13 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ. ඊට වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය අතුලු සෞඛ්‍ය සේවයේ සියලු ශ්‍රේණින් නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගී විය. එහිදී සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති පොදු ගැටලුවලදී ශ්‍රේණි අතර බෙදීමකින් තොරව එකම කණ්ඩායමක් ලෙස එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමට එකඟවී තිබේ. ඒ අනුව අනුමත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම, ඖෂධ සහ උපකරණ හිඟය, ඖෂධ සහ උපකරණවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු, රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීම සහ යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය යන කරුණුවලදී සමිති සියල්ල පොදු එකමුතුවක් සහ පුළුල් සංවිධානයක් ලෙසට කටයුතු කිරීමට නියමිතය. එමෙන්ම එක් එක් සේවා කාණ්ඩයන්ට අනන්‍ය වූ ගැටලුවලදී වෙන් වෙන්ව එම ගැටලු වෙනුවෙන් පෙනි සිටීමට සහ වෙන වෙනම වෘත්තිය සටන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟවී ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ