Sri Lanka
2026 වසරට අදාළව ගිනිඅවි බලපත්‍ර අලුත් කරවා ගැනීම ගැන දැනුම්දීමක්
23 | 2026-01-31 08:01 AM
ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් සඳහන් කර ඇත්තේ ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම අද(31) දිනෙන් අවසන් වී ඇති බවය. ඒ අනුව එදිනට අලුත් නොකරන ලද ගිනිඅවි හිමිකරුවන් තුවක්කු ආඥාපනතේ 22 වගන්ති ප්‍රකාරව පෙබරවාරි මස 10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනිඅවි බලපත්‍ර අලුත්කරවා ගැනීම සිදුකළ යුතු බවත් අමාත්‍යාංශය දන්වා ඇත. එම දිනට පෙර සිය ගිනිඅවි අලුත් නොකරන සියලු ගිනිඅවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥාපනතේ 22 වගන්තියේ විධි විධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ