Sri Lanka
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
21 | 2026-01-31 08:04 AM
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පෙබරවාරි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඔහු ඊයේ (30) වත්තල මහේස්ත්‍රාත් නිකුත් කළ නියෝගයකට අනුවය. ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් පමුණුගම ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති M.G චානක මහතා විසින්. එහිදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.












ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ