Sri Lanka
අධිකරණ ඇමති හෙට ජිනීවා යයි
54 | 2025-09-23 09:37 PM
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඒ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමටය. 2025 සැප්තැම්බර් 26 වන දින මෙම සමාලෝචන රැස්වීම පැවැත්වෙන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරින් මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාව 2016 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙකි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ