Sri Lanka
විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
20 | 2026-01-31 08:20 AM
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සැකකරු පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය යටතේ ස්ථාපිත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලට අනුවය. මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ව්‍යාජ ලිපි ශීර්ෂ පිටපත්, ජීව දත්ත පත්‍රිකා, විදෙස් ගමන් බලපත්‍ර ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර කිහිපයක් ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38ක් වූ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 02ක් මත මුදාහැර ඇති අතර සැකකරුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත. විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ