Sri Lanka
ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ'හාරා අභාවප්‍රාප්ත වෙයි
22 | 2026-01-31 08:37 AM
90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන 'Home Alone' චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ'හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ. මියයන විට ඇය 71වන වියේ පසුව ඇත. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි ඇගේ නිවසේදීම ඇය මරණයට පත්ව තිබේ. 1954 වසරේ දී කැනඩාවේ දී උපත ලබා ඇති ඇය, අමෙරිකානු මෙන්ම කැනේඩියානු නිලියක වේ. වසර 50ක වෘත්තීය ජීවිතය තුළ ඇය රංගන ශිල්පිනියකට අමතරව තිර රචිකාවක් ලෙසද කටයුතු කර තිබේ. ඇයට Primetime Emmy සම්මාන 2ක්, Golden Globe සම්මානයක්, Screen Actors Guild සම්මාන 2ක් ඇතුළු සම්මාන කිහිපයක් හිමිය. එමෙන්ම ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ලොව පුරා ඩොලර් බිලියන 4.3කට වඩා උපයා ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ