Sri Lanka
මතුගම පොලීසියේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අස්ථානගත වෙලා
12 | 2026-02-02 08:44 AM
මතුගම පොලිස් ස්ථානයේ පිස්තොල අවියක් සහ උණ්ඩ 10ක් අස්ථාන ගත වී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක් මෙලෙස අස්ථාන ගත වී ඇති බවය. පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ. මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ