Sri Lanka
එංගලන්තයට ලකුණු 190ක ඉලක්කයක්
25 | 2026-02-02 09:10 AM
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ පවන් රත්නායක පන්දු 22කින් ලකුණු 40ක් රැස්කළේය. ඊට අමතරව පැතුම් නිස්සංක (34), කමිල් මිශාර (36), කුසල් මෙන්ඩිස් (32) ප්‍රහාරාත්මක ඉනිම ගොඩනගමින් දක්ෂතා දැක්වූහ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඊයේ(1) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ ධනංජය ද සිල්වා හා මහීෂ් තීක්ෂණ ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට පවන් රත්නායක හා දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ. දෙරට අතර පළමු තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර, ඒ හේතුවෙන් තරග 3කින් යුත් මෙම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ඊයේ තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්යය වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ