Sri Lanka
ලංවිම ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කළ පිරිස අර්බුදයක
19 | 2026-02-02 11:38 AM
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉලලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසයි. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමට සැළසුම් කර ඇත. එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කළේය. නව සමාගම් ව්‍යූහයට ඇතුළත් වීමට අකමැති සේවකයින් සඳහා හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉංජිනේරුවන්, විගනණ නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් ද ඇතුළු සේවකයින් 2,173 දෙනෙකු ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. එලෙස විශ්‍රාම යන සේවකයින් සඳහා වන්දි ලබාදීම සේවා කාලය මත පදනම්ව රුපියල් ලක්ෂ 9 සිට උපරිම ලක්ෂ 50 දක්වා වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණි. කෙසේවෙතත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයින්ගේ වැඩි පිරිසක් මේ වන විට වෙනත් රැකියා සහ විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති බවත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මේ වන විට ඔවුන් ගැටලු රැසකට මුහුණදී ඇති බව වාර්තා වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ