Sri Lanka
ලෝක තෙත්බිම් දිනය අද
14 | 2026-02-02 11:39 AM
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ ලෙස රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මගින් නම්කරන ලද අතර, ලෝක තෙත් බිම් දිනය, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද පිළිගනු ලැබීය. 1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹි අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීය. ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියා හා මානව යහ පැවැත්ම සදහා තෙත් බිම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ. තෙත්බිම්වල ජලය ගබඩා කරන අතර ගංවතුර පාලනය කිරීම, සහ පාරිසරික හානි වල අවධානම අඩු කිරීම ද තෙත් බිම් මගින් සිදු වේ. මෙවර ලෝක තෙත්බිම් දිනයෙහි තේමාව ලෙස සදහන් කර ඇත්තේ, ' තෙත්බිම් සහ සාම්ප්‍රදායික දැනුම සහ සංස්කෘතික උරුමයන් සැමරීම' යන්නය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ