Sri Lanka
රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට
11 | 2026-02-02 11:51 AM
පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 524ක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28-23ක් වූ අඹුසැමි යුවළකි. ඊයේ (01) දින පුත්තලම - මැල්ලන්කුලම ප්‍රදේශයේදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙපළ ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ සිටද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඔවුන් දෙපළ සතුව තිබූ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවද පොලීසිය පැවසීය. තවද ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇති බවට පැවසෙන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. පුත්තලම සහ අවට පදිංචි තරුණයින්ට පිටස්තර ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය ගෙනවිත් අලෙවි කරන අඹුසැමි යුවළක් පිළිබඳව පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් විසින් මාසයක පමණ කාලයක සිට සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලින් අනතුරුව මෙම අඹුසැමි යුවළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින විටදී අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ මෙම යුවළ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සම්බන්ධතා පවත්වා ගෙන ඇති බවට සැකකරන බවත් එම තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකාර යුවළ රඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවත්ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ