Sri Lanka
ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට
16 | 2026-02-02 12:02 PM
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ. ඒ අද පැවැති ඡන්ද විමසීමේදීය. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවිය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත් ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු අතර පසුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිස්ව පැවතුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ