Sri Lanka
දික්ඕවිටින් හමු වූ කෝටි 300ක මත්ද්‍රව්‍ය තොගය ගැන රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවයි
15 | 2026-02-02 04:07 PM
පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. ධීවරයින් එකොලොස් දෙනෙකු සමග අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්ෂක විධිවිධාන මැද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද අධිකරණයට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසය. ඉකුත් 25 වනදා සැකකාර ධීවරයින් එකලොස් දෙනා ගමන් ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 109.422 සහ හෙරොයින් කිලෝග්‍රෑම් 112.258ක් අත් අඩංගුවට ගත් අතර එම මත්ද්‍රව්‍ය තොගය ආරක්ෂිත උර 15 ක බහා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයට අනුව අධිකරණ රෙජිස්ටාර්වරයාගේ නිරීක්ෂණය යටතේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ගනු ලැබීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ