Sri Lanka
68 වැනි ග්‍රැමී සම්මාන උළලේදී ට්‍රම්ප් පරිපාලනයට විවේචනයක්
30 | 2026-02-02 04:11 PM
68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ක්‍රිප්ටෝ ඩොට් කොම් රඟහලේදී 'Crypto.com' අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි. ගායන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ග්‍රැමී සම්මාන උළෙල අතරතුර කාණ්ඩ 95ක් යටතේ සම්මාන පිරිනැමුණු අතර, එහිදී වැඩි ගෞරව දිනාගත්තේ වසරේ හොඳම ගීතය ඇතුළු සම්මාන පහක් දිනාගත් කෙන්ඩ්‍රික් ලෙමාර්ය. හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය බෑඩ් බනී දිනාගනිද්දී, වසරේ හොඳම ගීතයට හිමි සම්මානය බිලී අයිලිෂ්ගේ වයිල්ඩ්ෆ්ලවර් ගීතයට හිමිවිය. මේ අතර, බිලී අයිලිෂ් සම්මානය පිළිගනිමින් වත්මන් අමෙරිකානු පරිපාලනය විවේචනය කළේය. එහිදී ඇය පැවසුවේ, "බලෙන් අල්ලාගත් රටක ජීවත්වන කවුරුත් නීතිවිරෝධී අය නෙමෙයි. අපි දිගටම සටන් කරන්න ඕන, කතාකරන්න ඕන. අපේ හඬට වටිනාකමක් තියෙනවා..." යනුවෙනි. මේ අතර ඩීමන් හන්ටර්ස් ගායක කණ්ඩායම ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු දකුණු කොරියානු ගායක කණ්ඩායම බවට පත්විය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ