Sri Lanka
කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
18 | 2026-02-02 04:13 PM
කැස්බෑ මස් කිලෝග්‍රෑම් දහතක් සහ බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 26 සහ 32 යන වයස් කාණ්ඩවල පසුවන අය බව නාවික හමුදාව සඳහන් කරයි. පසුගිය 31 වැනිදා මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන්, කැස්බෑ මස් සහ බිත්තර හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි වනජීවි කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ