Sri Lanka
කැරට් 24 රන් පවුමක් රු 12,000කින් අඩුවෙයි
17 | 2026-02-02 04:15 PM
ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් පහත වැටි ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව කැරට් 24ක රන් පවුමක් රුපියල් 368,000ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස අද (02) වාර්තා වී ඇත. ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 4,687 සීමාවේ පවතී. එය පසුගිය සිකුරාදාට සාපේෂව අමෙරිකානු ඩොලර් 200 ක අඩුවීමක් බව සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ